යේමන අර්බුදය ගැන සාකච්ඡා



එක්සත් ජාතීන්ගේ යේමන නියෝජිත ඉස්මායිල් ඔලුද් චෙයික් සරීෆ් ඉරානයේ තෙහෙරාන් අගනුවරට පැමිණ සිටී. ඒ, යේමන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමටය.

ඉරාන රජයෙන් ඉස්මායිල් ඔලුද් චෙයික් සරීෆ් ට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි. යේමන නියෝජිතයා සහ ඉරාන විදේශ ඇමැති මොහොමද් ජවාද් සරීෆ් අතරේ යේමන අර්බුදය සම්බන්ධයෙන් දීර්ග වශයෙන් සාකච්ඡා පැවැත්විණි.

යේමනයේ සිවිල් යුද ගැටුම් අවසන් කිරීම සහ එරට දේශපාල අර්බුදයට සාර්ථක විසඳුමක් සෙවීම මෙම සාකච්ඡාවල අරමුණ වුණැයි පැවැසෙයි.

යේමන අර්බුදයේ දී, යේමනයේ හවුති සන්නද්ධ කැරැලිකරුවන්ට ඉරානයේ සහාය හිමිවෙයි. හවුති කැරැලිකරුවන් ෂියා මුස්ලිම්වරුන් වීම ඊට හේතුවකි.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS