යේමන අර්බුදය ගැන දෙගිඩියාවක්



සෞදිය මුල්වීමෙන් ආරම්භ වුණු යේමන යුද්ධය සම්බන්ධයෙන් සෞදි රජය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර මත ගැටුමක් නිර්මාණය වී ඇතැයි ඉරානයේ ප්‍රෙස් ටීවී පුවත් දෙස්වය වාර්තා කරයි.

සෞදිය යේමනයේ හවුති සටන්කාමීන්ට ගුවනින් ප්‍රහාර එල්ල කරන්නේ සෙසු මැදපෙරදිග රටවල ද සහාය ඇතිවය. එක්සත් අරාබි එමීරය ද සෞදියට සහාය දක්වයි.

කෙසේ නමුත් සෞදි ගුවන් ප්‍රහාරවලින් යේමන සිවිල් වැසියන් මියයෑම මුල් කොට ගනිමින්, යේමන අර්බුදයේ දී දිගටම සෞදිය සමඟ එක් වී සෞදියට සහාය දෙනවා ද නැද්ද යන්න ගැන දෙගිඩියාවෙන් පසුවන බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය පවසා ඇත.

2015 වසරේ යේමන අර්බුදය ආරම්භ වීමෙන් පසු සෞදිය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් යේමන වැසියන් 12,000 කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි ද වාර්තා වේ.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS