යෙරුසලම් යෝජනාවෙන් පසුව යුනෙස්කෝ ප්‍රධානියාට මරන තර්ජන



යෙරුසලමේ යුදෙව් ශුද්ධ අයිතිය නොසලකා හරිමින් අරාබි රටවල සහයෝගයෙන් ඉදිරිපත් කරන ලද යෝජනාවට විරුද්ධව හඩ අවධි කිරීමෙන් අනතුරුව යුනෙස්කෝ ප්‍රධානී, ඉරිනා බොකොවාට මරන තර්ජන ලැබී ඇති බව  ඒ.එෆ්.පී. පුවත් සේවය වාර්තා කරයි.

අධ්යක්ෂ ජනරාල්වරියට මරණ තර්ජන එල්ල කර ඇති නිසා ඇගේ ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කිරීමට සිදුවී ඇති බව ඊශ්රායිල් යුනෙස්කෝ තානාපති, කාමෙල් ෂාමා කොහෙන් පැවසීය.    පසුගිය සතියේ බොකොවා විසින් යෝජනාවන් දෙකම විවේචනය කිරීම නිසා මෙම මරන තර්ජන එල්ලවී ඇති බව කොහෙන් තව දුරටත් කියා සිටියේය.

ජෙරුසලම හැරුණු විට යුදෙව්, ක්‍රිස්තියානි සහ ඉස්ලාම් භක්තික උරුම හා සාම්ප්‍රධායන්  පොදුවේ බෙදී යන ස්ථානයක වෙන කිසිම තැනක නොමැතිබව යෝජනා කෙටුම්පත් කිරීමෙන් අනතුරුව.  ඉරීනා බොකෝවා ප්‍රකාශ කළාය.

ඇය කියා සිටියේ යුනෙස්කෝ ලෝක උරුම ලයිස්තුවට අනුව  මෙහි ඇති   යුදෙව්, ක්‍රිස්තියානි, ඉස්ලාම් සාම්ප්‍රදායන් ප්‍රතික්ෂේප කිරීමට, සැගවීමට හෝ  අතුගාදැමීමට උත්සාහ කිරීම මගින් ජෙරුසලමේ අඛණ්ඩතාවය බිඳ වැටීමට ඉඩඇති බවයි.

 


RECOMMEND POSTS