යුනෙස්කෝවෙන් ඉවත් වෙයි



ඇමෙරිකාව සහ ඊශ්‍රායලය නිල වශයෙන් එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය හෙවත් යුනෙස්කෝවෙන් ඉවත් විය.

යුනෙස්කෝ සාමාජිකත්වයෙන් තමන් ඉවත් බව ඇමෙරිකාවේ ට්‍රම්ප් පරිපාලනහය නිවේදනය කළේ පසුගිය ඔක්තෝබරයේය. ඊශ්‍රායලය යුනෙස්කෝවෙන් ඉවත් වීමට තීරණය කළේ ඇමෙරිකාවට සඑාය දක්වමිනි.

ඇමෙරිකාව යුනෙස්කෝ සංවිධානයෙන් ඉවත් වීමට තීරණය කළේ ‘යුනෙස්කෝව‘ ඊශ්‍රායල් විරෝධීව යමින් පක්ෂග්‍රාහීව ක්‍රියා කරන බවට චෝදනා කරමිනි. බටහිර ඉවුර අල්ලා ගනු ලැබීම සහ ජෙරුසලමේ පුදබිම්හි සිදු කරන ඊශ්‍රායලයේ අකටයුතුකම් 2016 වසරේ ඉදිරිපත් කරන ලද යුනෙස්කෝ යෝජනාවක් මගින් දෝෂ දර්ශනයට ලක් කර තිබීම මීට හේතුව විය.

දෙවන ලෝක මහා සංග්‍රාමයෙන් අනතුරුව එක්සත් ජාතීන්ගේ සංවිධානය ගොඩ නැගීමත් සමඟ ඊට අනුබද්ධව ආරම්භ කරන ලද යුනෙස්කෝ සංවිධානයේ මූලස්ථානය ප්‍රංශයේ පැරිස් අගනුවර පිහිටා ඇති අතර එහි සාමාජික රාජ්‍යයන් සංඛ්‍යාව 195 කි.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS