යුද්ධයට අපිත් සහාය දෙනවා



සිරියානු රජයට එරෙහිව ඇමෙරිකාව හමුදා ක්‍රියාමාර්ගයක් ගන්නේ නම්, තමන් ද එම සටනට එක්වෙන බව බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ කියයි.

යුදමය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් විශේෂ කැබිනට් මණ්ඩලයක් අගමැතිනී තෙරේසා මේ විසින් පිහිටුවනු ලැබ ඇති අතර, ඔවුන් ඒකමතිකව තීරණය කළේ ඇමෙරිකාව සහ ප්‍රංශය සිරියාවට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් ගන්නේ නම් ඊට තමන් ද දායක වන බවය. ඒ, පැයක කිහිපයක් තිස්සේ පැවැති සාකච්ඡාවලින් පසුවය.

සිරියානු රජයට සහ හමුදාවට සහාය දක්වන්නේ රුසියාවය. මේ වනවිට බ්‍රිතාන්‍යය සහ රුසියාව අතරේ ද ඇයිහොඳයිකම් පළුදු වී ඇත.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS