යුද්ධයකට කැමති නෑ: සෞදිය



සෞදි අරාබිය කිසිදිනෙක යුද්ධයකට කැමති නැති බවත් එල්ල වන ඕනෑම අභියෝගයකට මුහුණ දෙන බව සෞදි විදේශ කටයුතු අමාත්‍ය, ඇඩෙල් අල්-ජබීර් ප්‍රකාශ කළේ ය.

ඉරානය ලෝක ආර්ථිකය අඩපන කිරීමට කටයුතු කරමින් සිටින බවත් සියළුම ත්‍රස්තවාදි ක්‍රියාවන් පිටුපස ඉරානය සිටින බව ඔහු ප්‍රකාශ කළේ ය.

උද්ගත වී ඇති තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ගල්ෆ් රටවල නායකයන්ට සෞදි රජු ආරධනා කර ඇති බවත්, මැයි 30දින මක්කම නුවරදි සාකච්ඡාව පැවැත්වීමට සෞදි රජු බලාපොරොත්තු වන බව මාධ්‍ය හමුවක් පවත්වමින් විදේශ කටයුතු අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS