යුද ටැංකියක් පහරදීලා



ගෝලාන් කඳුකරයේ සිරියානු හමුදා මුරපොළකට ඊශ්‍රායල හමුදා යුද ටැංකියක් පහර දී ඇතැයි ඉරානයේ ප්‍රෙස් ටීවී පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

තම හමුදාව සිරියානු රජයේ හමුදාවට අයත් හමුදා මුරපොළකට පහර දුන්නේ යැයි ඊශ්‍රායල රජයේ හමුදාව පිළිගෙන ඇතැයි ද පැවැසෙයි.

එම හමුදා මුරපොළ අතහැර දමා තිබූ එකකි. සිරියානු රජයේ හමුදාව එය ප්‍රතිසංස්කරණය කරමින් සිටිද්දී, යුද ටැංකිය ප්‍රහාරය එල්ල කළේ යැයි ද ප්‍රෙස් ටීවී පුවත් වෙබ් අඩවිය වැඩි දුරටත් වාර්තා කරයි.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS