යුද ගැටුම් වලින් 3,000ක් මරුට



සිරියාවේ පවතින යුද ගැටුම් හේතුවෙන් සැප්තැම්බර් මාසයේ දි සාමාන්‍ය වැසියන් 955ක් ඇතුළුව පුද්ගලයින් 3,000ක් මිය ගොස් ඇති බව මානව හිමිකම් සඳහා වන සිරියානු නිරික්ෂකයින් ඔක්තෝම්බර් 01 දින ප්‍රකාශ කළ බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

මියගිය සාමාන්‍ය වැසියන් 955 දෙනාගෙන් 207දෙනෙකු ළමුන් වන අතර අයි.එස් සහ අල්-කයිඩා ත්‍රස්තවාදීන් 738 දෙනෙකුද ජීවිතක්ෂයට පත් වී ඇති බව යුද නිරීක්ෂකයින් ප්‍රකාශ කළේය.

සිරියානු යුද්ධය හේතුවෙන් 2017 වර්ෂයේ මාසයක් තුලදී මියගිය වැඩිම පුද්ගලයින් සංඛ්‍යාව වාර්තා වන්නේ සැප්තැම්බර් මාසයේදී බව සිරියාවේ සිටින යුද නිරීක්ෂකයින් ප්‍රකශ කළේය.

මියගිය සාමාන්‍ය වැසියන්ගෙන් 70%ක ප්‍රමාණයක් මියගොස් ඇත්තේ සිරියානු හමුදා, රුසියානු හමුදා සහ ජාත්‍යන්තර සභාගයන්ට අයත් ගුවන් හමුදාවන් අයි.එස් ත්‍රස්තවාදීන්ට එරෙහිව එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයන් හේතුවෙන් බව බ්‍රිතාන්‍ය පදනම් කරගත් යුද නිරීක්ෂණ කණ්ඩායමේ ප්‍රධානී, රාමි අබ්දෙල් රහමන් ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS