යුද උපදේශකයෙක් මරුට



සිරියාවේ හමා නගරයේ පිහිටා ඇති සිරියානු හමුදා කදවුරකට ත්‍රස්තවාදීන් හදිසියේ එල්ල කරන ලද මෝටාර් ප්‍රහාරයකින් රුසියානු යුද උපදේශකයෙකු වු කැප්ටන් නිකොලායි ඇෆනාසොව් ජීවිතක්ෂයට පත් වී ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පසුගිය දා නිවේදනය කළ බව සිරියානු ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේය.

රුසියානු යුද උපදේශක කණ්ඩායමේ සාමාජිකයෙකු වශයෙන් කැප්ටන් නිකොලායි සිරියානු පාබල හමුදාවන් පුහුණු කිරීම සඳහා විශාල කාර්‍ය භාරයක් ඉටු කළ නිලධාරියකු බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(සිරියානු ප්‍රවෘත්ති ඒජන්සි පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS