යුක්රේන යානයට මිසයිලයක් වැදුණේ නෑ



ඉරානයේදී යුක්රේන මගී ගුවන් යානය කඩා වැටුණේ, ඉරාන හමුදාවේ මිසයිලයක් එල්ල වීමෙන් යැයි එල්ල වන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව ඉරාන ගුවන් සේවා අධිකාරිය පවසයි.

පසුගිය 8 වැනිදා, ඉරානය ඉරාකයේ ඇමෙරිකන් හමුදා කඳවුරු ඉලක්ක කර ගනිමින් බලැස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කළ අවස්ථාවේදී එයින් එක් මිසයිලයක් යුක්රේන ගුවන් යානයට වැදුණු බවත් එයින් යානය පුපුරා විනාශ වූ බවත් කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ චෝදනා කර ඇත. ඉරානයේ සිට යුක්රේනය බලා පියාසර කරන්න වූ යානයේ ඉරාන කැනඩා ජාතිකයෝ ද සිටියහ.

මේ අතර ගුවන් යානයට මිසයිලයක් වැදෙන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් පෙළක් ද විදෙස් මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් වෙමින් ඇත. යුක්රේන මගී යානය කඩා වැටුණේ ඉමාම් කොමේනී ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් නික්ම වී විනාඩි කීපයකිනි. එය යාන්ත්‍රික දෝෂයක් නිසා සිදුවුණු අනතුරක් බවත්, යානය ගුවන්තොටුපොළෙන් නික්මුණු අවස්ථාවේ පටන් එහි දෝෂයක් තිබුණු බවත්, නියමුවන් යානය ආපසු හරවා ගුවන්තොටුපොළට රැගෙන ඒමට තැත් කළ බවත් ඉරාන ගුවන් ගමන් පාලන අධිකාරිය පවසා ඇත.

(අල් ජසීරා)


RECOMMEND POSTS