යානය වැටුණේ මිසයිල ප්‍රහාරයකින් - ඉරනය



යුක්රේන මගී ගුවන් යානය කඩා වැටුණේ තම හමුදාව එල්ල කළ මිසයිලයක් වැදීමෙන් බව ඉරානය පිළිගත්තේය.

එය හිතාමතා කළ ක්‍රියාවක් නොවන බවත්, අත්වැරදීමක් බවත් ඉරාන ජනාධිපති හසන් රොව්හානී මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේය.

කඩා වැටුණු යානයේ 176 දෙනකු සිටි අතර ඔවුන්ගෙන් වැඩිදෙනා ඉරාන ජාතිකයෝය. අත්වැරදීමකින් සිදුවුණු එම සිදුවීම කිසිසේත් ‘සමාව දිය යුතු සිදුවීමක්’ නොවන බව ද ඉරාන ජනාධිපති රොව්හානී වැඩි දුරටත් පැවැසීය.

(අල් ජසීරා)


RECOMMEND POSTS