යළිත් ජනපති වෙන්න අල් සීසී සැරැසෙයි



ඊජිප්තු ජනාධිපතිවරණය අදියර දෙකක් යටතේ ලබන මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිත අතර, තමා ද ඊට ඉදිරිපත් වන බව ඊජිප්තුවේ වත්මන් ජනාධිපති අබ්දෙල් ෆාටා අල් සීසී පවසයි.

ජනපතිවරණය පැවැත්වෙනු ඇත්තේ මාර්තු 26 සිට 28 දක්වා දිනවලය. එහි දෙවැනි වටය අප්‍රේල් 24 සිට 26 දක්වා පැවැත්වෙයි. මැතිවරණ බලධාරීන් නිවේදනය කර ඇත්තේ අපේක්ෂකයන් ජනවාරි 20 සිට 29 තෙක් කාලය තුළදී ලියාපදිංචි විය යුතු බවය.

අල් සීසී, ඊජිප්තුවේ ජනපති ධුරයට පත්වූයේ 2014 වසරේදීය. ඒ, එවකට පැවැති දේශපාලන අර්බුදය යම්තාක් දුරකට විසඳමිනි. අල් සීසී, ඊජිප්තු හමුදා ප්‍රධානියා විය. ඔහු ජනපති ධුරයට පත් වූයේ හමුදා නිල තල අත්හරිමිනි.

2014 වසර වෙද්දී ඊජිප්තුවේ ජනපති ධුරයට පත් වී සිටියේ මුස්ලිම් සහෝදරත්වය පක්ෂය නියෝජනය කළ මොහොමද් මුර්සිය. මුර්සිට දැඩි ජනතා විරෝධයක් එල්ල විය. එවිට හමුදාව රටේ පාලනය අල්ලා ගත්තේය. එම හමුදා කුමන්ත්‍රණයට නායකත්වය දුන්නේ හමුදාපති ලෙස කටයුතු කළ අල් සීසී ය.

(ද පෙනින්සියුලා)


RECOMMEND POSTS