යළි මැතිවරණයකට ඉදිරිපත් වෙන්නේ නෑ



ඉදිරියේ දී පැවැත්වෙන මහ මහැතිවරණයට තමන් තරඟ නොකරන බව ධුරයෙන් ඉවත් වුණු ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෆ්තාලි බෙනට් පවසයි.

නෆ්තාලි බෙනට් මෙසේ පැවැසුවේ, ඊශ්‍රායල පාර්ලිමේන්තුව හෙවත් ‘නෙසට්’ සභාව විසුරුවා හැරීමට මන්ත්‍රීවරුන් සූදානමින් සිටියදීය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඡන්ද විමසුමක් පැවැත්වීමට කටයුතු යෙදුණ ද එය ඉදිරියට කල් දැමුණු බව වාර්තා වේ.

‘යමීනා’ පක්ෂයට නායකත්වය දෙමින්, අග්‍රාමාත්‍ය නෆ්තාලි බෙනට්, අග්‍රාමාත්‍ය ධුරයට පත් වූයේ තවත් පක්ෂ 8 ක් හවුල් කර ගනිමින් සන්ධාන රජයක් පිහිටුවා ගැනිමෙනි. බෙනට්ගේ ප්‍රධාන හවුල්කාර පක්ෂය වූ ‘යෙෂ් අතිද්’ පක්ෂයට නායකත්වය දෙන යාර් ලාපිඩ් ට විදේශ කටයුතු අමාත්‍ය ධුරය හිමිවිය. බෙනට්ගේ සන්ධාන රජය බිඳ වැටුණේ හවුල්කාර පක්ෂ අතරේ පැවැති මත ගැටුම් වර්ධනය වු නිසා යැයි ද පැවැසෙයි.

නෆ්තාලි බෙනට් අග්‍රාමාත්‍ය ධුරයෙන් සමුගත්තේ භාරකාර අග්‍රාමාත්‍යවරයා ලෙස යාර් ලාපිඩ් එම ධුරයට පත් කරමිණි. ලබන ඔක්තෝබරයේ ඊශ්‍රායල මහ මහැතිවරණය පැවැත්වීමට නියමිත අතර, එතෙක් භාරකාර අග්‍රාමත්‍යවරයා ලෙස යාර් ලාපිඩ් කටයුතු කරනු ඇත. මේ වනවිට බෙනට් ‘යමීනා’ පක්ෂයේ නායකත්වයෙන් ද ඉවත් වී ඇති අතර, පක්ෂ නායකත්වය හිමිවී ඇත්තේ අයෙලීත් ෂකාද්ටය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS