යළි ගුවන් ගමන් අරඹයි



ආරක්ෂක හේතූන් මත තාවකාලිකව නවතා දැමු සුඩාන අගනුවර අතර ගුවන් ගමන් යළි අරඹන බව එටිහාඩ් ගුවන් සමාගම නිවේදනය කර ඇත.

සෑම අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ ඉරිදා යන දිනයන්වල උදෑසන 9.50ට අබුඩාබි නුවරින් සුඩාන අගනුවර බලා ගුවන් යානා පිටත් වන බව ගුවන් සමාගම නිවේදනය කර ඇත.

සුඩානයේ පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජුනි 09 දින ගුවන්ගමන් තාවකාලිකව නවතා දැමීමට ගුවන් සමාගම පියවර ගත්තේ ය.

ආරක්ෂාව පිළිබඳව සවිස්තරාත්මක සමාලෝචනයකින් පසු නැවත ගුවන් ගමන් ආරම්භ කිරීමට කටයුතු කළ බවත් ගුවන් මඟින්ගේ සහ කාර්ය ම්ණ්ඩලයේ ආරක්ෂාවට ප්‍රමුඛතාවය ලබාදෙන බව ගුවන් සමාගම නිවේදනය කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)

RECOMMEND POSTS