යසාර් අරෆාත් මැරුවේ කවුදැයි දන්නවා පලස්තීන ජනාධිපති අබ්බාස් කියයි



 

 

යසාර් අරෆාත් අබිරහස් ලෙස මියගියේ කෙසේදැයි සහ එම ‘ඝාතනය’ පසුපස සිටින්නේ කවුරුන්දැයි තමා දන්නා බව පලස්තීන ජනාධිපති මොහොමඞ් අබ්බාස් පවසයි.
පලස්තීන ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ බටහිර ඉවුරේ රාමල්ලා නුවරදී, යසාර් අරෆාත්ගේ 12 වැනි ගුණ සැමරුමට සහභාගී වූ අවස්ථාවේදීය.
අරෆාත් පලස්තීන විමුක්ති සංවිධානයේ හිටපු නායකයාය. ‘අරෆාත් මරා දැම්මේ කවුරුදැයි මං දන්නවා. ඒත් මගේ සාක්ෂිය පමණක් එම ඝාතකයාට දඬුවම් දෙන්න ප්‍රමාණවත් වෙන්නේ නැහැ’ යැයි ගුණ සැමැරුමට එක් වෙමින් ජනාධිපති මොහොමඞ් අබ්බාස් කියා සිටියේය.
1960 දශකය අවසානයේදී ඊශ්‍රායපයට එරෙහිව සන්නද්ධ අරගලයක් ගෙන ගිය අරෆාත්, 2004 නොවැම්බර් 11 වැනිදා අභාවප්‍රාප්ත විය. අරෆාත්ගේ මරණය සැක සහිත යැයි එම අවස්ථාවේදී පැවැසිණි. මියයද්දී ඔහු සිටියේ ප්‍රංශයේ පැරිස් නුවර දැඩි ලෙස ගිලන්වීය.

RECOMMEND POSTS