මෝදි පිළිගනිමින්



ඉන්දීය අගමැතිවරයාගේ එමීරයේ නිල සංචාරය වෙනුවෙන් එරට සංචාරක ආකර්ෂණය ඉතාම ඉහළින් තිබෙන බර්ජ් කලීෆා සහ ඩුබායි ෆ්‍රේම් ගොඩනැගිලි ද්විත්වයම ඉන්දීය ජාතික ධජයේ වර්ණ වලින් යුතු ලේසර් කිරණ වලින සැරසීමට එමීර් බලධාරීන් පියවර ගෙන තිබිණි.

නිල සංචාරයක් සදහා ඉන්දීට අගමැති නරේන්ද්‍ර මෝදි 10 දා සවස එමීරයේ අබුඩාබි අගනුවරට ලගා වූ අතර ඔහු පැමිණිමට පෙරදින එනම් සිකුරාදා මෙලෙස මෙම ගොඩනැගිලි ද්විත්වය සරසා තිබිණි.

එමීරට සහ ඉන්දියාව අතර ද්විපාර්ශවික සබදතා වර්ධනය කර ගැනීමෙ අරමුනෙන් පැමිණි ඉන්දීය අගමැතිවරයා මෙම සංචාරයේදී අබුඩාබියේ ඔටුන්න හිමි කුමරු සහ ඩුබායි පාලක අල් මොක්ටුම් හමු වීමට නියමිතය.

ඩුබායි නගර⁣ය නව සංචාරක ආකර්ෂණය නව දිශානිතියකට යොමු කිරීමේ අරමුණින් ඉදිකරනු ලැබූ ⁣"ඩුබායි දොරටුව" (ඩුබායි ෆ්‍රේම්) ඉකුත් දෙසැම්බර් 02 වැනිදා එමීර ජාතික දිනයේදී ජනතාව සදහා විවෘත කෙරිණි.

ඩිරාම් මිලියන 160 අතිවිශාග පිරිවැයක් දරමින් ඉදි කළ මෙම ඉදිකිරීම ඩුබායි හි පිහිටි බර්ජ් කලීෆා , බර්ජ් අල් අරාබි ආදි ස්ථාන මෙන් සංචාරකයින්ගේ දැඩි අවධානයක් යොමු කර ගැනීමට ඉතා කෙටි කලකින්ම හැකි විණි.

මීටර් 150ක් උසැති ,මීටර් 93 ක් පළලැති සමචතුරස්‍රාකාර මෙම කුළුණ පාමුල ඩුබායි රයේ විකාශනය විදහා දැක්වෙන් ඉතිහාසගත තොරතුරැ ඇතුළත් කෞතුකාගාරයක් ද ස්ථාපිත කර ඇත.

සම්මානලාභී ගෘහ නිර්මාණ ශිල්පියෙකු වූ ෆර්නෑන්ඩු ඩෝනිස් ගේ සු⁣විශේෂි නිර්මාණයකි.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS