මෝදි පලස්තීනයේ



මැදපෙරදිග කලාපීය රටවල සංචාරයක් ආරම්භ කරමින්, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, ඊයේ (10) බටහිර ඉවුරේ රාමල්ලා නුවරට පැමිණ පලස්තීන ජනාධිපති මොහොමද් අබ්බාස් හමුවිය.

පලස්තීන ජනපතිවරයාගෙන් සහ පලස්තීන පාලන අධිකාරියෙන් ඉන්දීය අගමැති මෝදිට හිමිවූයේ ඉතා උණුසුම් පිළිගැනීමකි. අගමැති මෝදි වෙනුවෙන් හමුදා ගෞරව ද පැවැත්විණි.

මැදපෙරදිග අර්බුදයේදී ඉන්දියාව සැමවිටම තම මිතුරකු ලෙස අපක්ෂපාතීව කටයුතු කළ බව පලස්තීන ජනාධිපතිවරයා මෝදි හමුවෙමින් කියා සිටියේය.

 (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS