මෝටර් රථයෙන් ගඟට වැටි බේරෙයි



සෞදි අරාබියේ ජෙඩා වරාය ආසන්නයේ ඇති පාලමකින් මෝටර් රථයක් ගඟට වැටී මෝටර් රථය ධාවනය කළ කාන්තාව බේරාගැනීමට පුද්ගලයෙක් කටයුතු කර ඇති බව වාර්තා වේ.

අධික වේගයකින් මෝටර් රථය ධාවනය කිරීම නිසා මෝටර් රථය පාලනය කරගැනීමට නොහැකිවීමෙන් පාලම මත තිබු වැටත් කඩාගෙන මෝටර් රථය ගඟට වැටි ගිලී ඇත. 

අබ්දුල්ලා අල්-හර්බි, අනතුර සිදුවන අවස්ථාවේ මාර්ගයේ ගමන් කර ඇති අතර ගඟට පැන ආසන පටිය ඉවත් කර වතුරේ ගිලි සිටි කාන්තාව බේරාගැනීමට කටයුතු කර ඇත.

අනතුර සිදුවන ආකාරය කාන්තාවක් වීඩියෝ කර සමාජ ජාල වෙබ් අඩවිවල පළ කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS