මෝටර් රථ ප්‍රදර්ශනාගාරයක ගින්නක්



ඕමානයේ මස්කට් ආණ්ඩුකාර ප්‍රදේශයේ පිහිටා ඇති අල්-කුවයිර් නගරයේ ෂැන්ෆාරි මෝටර් රථ ප්‍රදර්ශනාගාරයේ හදිසි ගින්නක් හටගෙන ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

ඕමාන් සිවිල් ආරක්ෂක සහ ගිලන්රථ රාජ්‍ය අධිකාරියේ ගිනි නිවන භටයින් පැමිණ ගින්න නිවා දැමීමට කටයුතු කළේය.

සිද්ධියෙන් කිසිවෙකුටත් අනතුරුක් සිදුවී නොමැති අතර ප්‍රදර්ශනාගාරයේ ප්‍රදර්ශනයට තබා තිබු කාර් ගණනාවන් ගින්නෙන් විනාශ වී ගොස් ඇති බවමහජන ආරක්ෂක සහ ගිලන්රථ රාජ්‍ය අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

පසුගිය මාසයේ, මෙම නගරයේම, මෙවැනිම ගින්නකින් පුද්ගලයින් තුන්දෙනෙකු තුවාල ලබා ඒ අසල පිහිටා තිබු කඩසාප්පු කීපයකට හානි සිදු වු අතර කඩසාප්පු අසල නවතා තිබු වාහන තුනක් ගින්නෙන් විනාශ විය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS