මෝටර් රථ 11,000 ක් අත්අඩංගුවට



සෞදි අරාබියේ මාර්ග නීති උල්ලංඝනය කළ මෝටර් රථ 11,000කට ආසන්න සංඛ්‍යාවක් 2020 වර්ෂය තුල අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

අදාල මෝටර් රථ සංඛ්‍යාව ජෙඩ්ඩා නුවරදී අත්අඩංගුවට ගත් බව සෞදි පොලීසිය ප්‍රකාශ කළ බව සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරනවා.

නීතිවිරෝධි ආකාරයෙන් වාහන නතර කිරීම සහ අනවසර ස්ථානවල අපද්‍රව්‍ය බැහැර කිරීම වැනි ක්‍රියාවන් සිදුකළ රියදුරන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත් බව සෞදි පොලීසිය ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ජෙඩ්ඩා නුවර)

RECOMMEND POSTS