මොසූල් හි ප්‍රධාන මර්මස්ථාන රැසක බලය ආරක්‍ෂක අංශ වලට



ඉරාකයේ මොසූල් හි ප්‍රධාන මර්මස්ථාන රැසක බලය අත්පත් කර ගැනීමට ඉරාක ආරක්‍ෂක අංශ සමත්වී ඇත. විශේෂයෙන්ම මොසූල් හි නැගෙනහිර ප්‍රදේශ රැසක බලය ඉරාක ආරක්‍ෂක අංශ අත්පත් කරගෙන තිබෙනවා. 

එහි ප්‍රධාන මරමස්ථානයක් වන අල් මුතානා ප්‍රදේශයේ බලය ද අල්ලා ගැනීමට ඉරාක ආරක්‍ෂක අංශ සමත් වී තිබේ.. මේ සමග මොසුල් නගරයේ බලය මුළුමණින්ම අත්පත් කර ගැනීමට හැකිවනු ඇති බවට විශ්වාස කරන බව එරට ආරක්‍ෂක අංශ සඳහන් කරනවා. 
මේ වන විට මොසූල් හි තුනෙන් දෙකක බලය අත්පත් කර ගැනීමට ඉරාක ආරක්‍ෂක අංශ සමත්වී සිටින බව ඉරාක රජය පවසයි.

 


( තිළිණි ද සිල්වා )
අල්ජසීරා ඇසුරෙනි....

 


RECOMMEND POSTS