මොසූල් සටන්වලින් ත්‍රස්තයෝ 52 ක් මරුට



මොසූල් නුවර බටහිර පළාත් මුදා ගැනීමේ සටන්වලදී ඉරාක රජයේ හමුදා එල්ල කළ ප්‍රහාරවලින් ‘දයේෂ්’ හෙවත් අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් පනස් දෙදෙනකු මියගිය බව ඉරාක හමුදාව කියයි.

අරාබි රටවල් රැසකින් පැමිණ ‘දයේෂ්’ ත්‍රස්තයන් සමඟ එක් වී සිටි කාන්තාවන් 6 දෙනකු ද සිදු කළ මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගත් බව ඉරාක හමුදා වැඩි දුරටත් කියා සිටී.

ගැටුම් සිදුවී ඇත්තේ මොසූල් නුවර ‘අල් අබාර්’ නමැති පළාතේ යැයි ද වාර්තා වේ. එම පළාතෙන් සියයට 40 ක ප්‍රමාණයක් මුදා ගැනීමට ඉරාක රජයේ හමුදා මේ වනවිට සමත්ව සිටින බව ද වාර්තා වේ.

(ප්‍රෙස් ටීවී)

 

 


RECOMMEND POSTS