මොසූල් වැසියෝ රාමසාන් සමරති



වසර කිහිපයක් අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේ සිට නිදහස ලැබූ ඉරාකයේ මොසූල් නුවර වැසියන් රාමසාන් සැමරූ බව එරට පුවත් සේවා වාර්තා කරයි.

යුද ගිනි මැද වසර ගණනාවක් මරණ බයෙන් ජීවත් වුණු මොසූල් වැසියන්ට නිදහසේ රාමසාන් සැමැරීමට අවස්ථාව උදා වීට සතුටට කරුණක් බව ද වාර්තා වේ.

ඉරාක රජය පවසා ඇත්තේ තවමත් අයි.එස්. හෙවත් දයේෂ් ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේ ඇත්තේ නගරයෙන් තුනෙන් එකක කොටසක් පමණක් කියාය. එම කොටස ද කඩිනමින් මුදා ගන්නා බව ඉරාක රජය පවසයි.

ඉරාක රජයේ හමුදාවලට මොසූල් නුවර මුදා ගැනීමේදී කුර්දි සටන්කාමීන්ගේ ද සහාය හිමිවෙයි. ප්‍රහාර හමුවේ අයි.එස්. හෙවත් දයේෂ් ත්‍රස්තවාදීන් දැඩි පසුබෑමකට ලක් වී සිටින බව ද වාර්තා වේ.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS