මොසූල් මුදා ගැනීම ගැන සතුට පළ කරයි



දයේෂ් හෙවත් අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ ප්‍රධාන බලකොටුව මෙන්ම ඔවුන්ගේ ඉස්ලාමීය රාජ්‍යයේ කේන්ද්‍රස්ථානය ලෙස ද සැලකුණු ඉරාකයේ මොසූල් නුවර ඉරාක හමුදා විසින් යළි අත්පත් කර ගනු ලැබීම සම්බන්ධයෙන් ඉරාන ජනාධිපති හසන් රොව්හානී සිය සතුට පළ කරයි.

ඉරාක හමුදාවට මොසූල් නුවර අල් නූරි මුස්ලිම් පල්ලිය ත්‍රස්තයන්ගේ ග්‍රහණයෙන් මුදා ගැනීමට හැකිවූයේ තෙවසරකට පසුවය. ඒ වෙනුවෙන් ත්‍රස්තයන් සහ ඉරාක හමුදා අතරේ දරුණු අවි ගැටුම් පැවැතිණි.

ඉරාන ජනාධිපති හසන් රොව්හානි, ඉරාක අගමැති හෙයිඩර් අල් අබාදිට දුරකතන ඇමතුමක් දෙමින්, මොසූල් මුදා ගැනීම සම්බන්ධයෙන් සුබ පැතූ බව ද වාර්තා වේ. ‘ඉස්ලාම් දහමේ නාමයෙන් ප්‍රචණ්ඩත්වය වපුරුවන්නන්ට කිසිදු සමාවක් ලබා දිය යුතු නැති බව’ ඉරාන ජනපතිවරයා ඉරාක අගමැතිවරයාට එම අවස්ථාවේදී අවධාරණය කළේය.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS