මොසූල් පල්ලිය යළි ඉදිකරයි



ඉරාකයේ මොසූල් නගරයේ තිබි යුද්ධයෙන් විනාශ වු අල්-නූරි මුස්ලිම් දේවස්ථානය නැවත ඉදිකිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

අයි.එස් ත්‍රස්ත්‍රවාදීන් 2017 ජුනි 21 දින ප්‍රහාර එල්ල කර දේවස්ථානයවිනාශ කර දැමීමට කටයුතු කළ අතර ඉරාක රජය නැවත ඉදිකිරීම සඳහා පසුගියදා මුල්ගල් තබා ඇත. 

ඉරාක රජයේ ඉහළ පෙළේ නියෝජිතයන්, ආගමික නායකයන්, තානාපතිවරුන් සහ උසස් නිලධාරීන් මුල්ගල් තැබීමේඋත්සව අවස්ථාවට පැමිණ සිටි බව වාර්තාවේ.

පල්ලිය ඉදිකර අවසන් කිරීමට වසර පහක් කාලයක් ගත වන අතර එක්සත් අරාබි එමිරෙට්ස් රාජ්‍යය ඇමරිකානු ඩොලර් මිලියන 50.4ක් ප්‍රධානය කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS