මොසූල් නුවර 40,000 ක් කොටුවෙලා



ඉරාකයේ මොසූල් නුවර අල්ලා ගෙන සිටින අයි.එස්. හෙවත් දයේෂ් ත්‍රස්තවාදීන් සහ ඉරාක රජයේ හමුදා අතර දරුණු ගැටුම් දිගටම සිදුවන බවත්, සිවිල් වැසියන් 40,000 ක් එම ගැටුම් හේතුවෙන් නගරයේ කොටු වී සිටින බවත් අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි.

අල් ජසීරා පුවත් සේවය මේ බව වාර්තා කළේ එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නිවේදනයක් ද උපුටා දක්වමිනි. අයි.එස්. හෙවත් දයේෂ් ස්නයිපර් තුවක්කුකරුවන් හේතුවෙන් නගරයේ ඇතැම් ස්ථාන මුදා ගැනීම ඉරාක හමුදාවට අසීරු වී ඇත.

අයි.එස්. ත්‍රස්තවාදීන් සිරවී සිටින එම සිවිල් වැසියන් මිනිස් පළිහක් ලෙස යොදා ගන්නා බව ද වාර්තා වේ.

(අල් ජසීරා)

 


RECOMMEND POSTS