මොසූල් නත්තල් සැමරුම්



අයි.එස්. ත්‍රස්තවාදීන්ගෙන් මුදාගත් ඉරාකයේ මොසූල් නුවර නත්තල් දේව මෙහෙයක් පැවැත්විණි.

දේව මෙහෙය පැවැත්වූයේ මොසූල් නුවර ශාන්ත පෝල් දෙව් මැදුරේය. මොසූල් නුවර කිතුනු ප්‍රජාව මෙම දේව මෙහෙයට සහභාගී වූහ.

පසුගිය වසර කිහිපය පුරාවට මොසූල් නුවර පැවැතියේ දැඩි අන්තවාදී සුන්නි මුස්ලිම් අයි.එස්. හෙවත් දයේෂ් තක්ෆීරි ඉස්ලාමික් ස්ටේට ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේය.

ත්‍රස්තවාදීන් නගරය අල්ලා ගත් අවස්ථාවේදී නගර වැසියෝ බියෙන් පණ බේරා ගනිමින් පලා ගියහ. අයි.එස්. ග්‍රහණයෙන් මොසූල් මුදා ගැනීමට ඉරාක හමුදාව සමත් වූයේ පසුගිය ජූලි මාසයේදීය.

මේ වනවිට ඉරාකයෙන් අයි.එස්. ත්‍රස්තවාදීන් පන්නා දමා ඇති බවත් එම ත්‍රස්තවාදීන්ට එරෙහිව ආරම්භ කළ යුද්ධය අවසන් බවත් ඉරාක අගමැති හයිදර් අල් අබාදී නිවේදනය කර තිබේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS