මොසූල් අවතැන් වූවන්ට පහසුකම් නෑ



ඉරාකයේ මොසුල් නුවර පවතින ගැටුම් හේතුවෙන් අවතැන් වී සිටින දස දහස් ගණනකට පහසුකම් සැපයීමට අවතැන් කඳවුරුවල ඉඩ නොමැති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

මේ වනවිට ඉරාකයේ බටහිර මොසුල් නුවර දරුණු ගැටුම් පවතියි. පසුගිය දින කිහිපයේදී ටයිග්‍රිස් නදිය පිහිටි නැගෙනහිර කලාපයේ පිහිටි කඳවුරුවලට 50,000කට ආසන්න පිරිසක් පැමිණ ඇතැයි වාර්තා වේ. මේ වනවිට අවතැන් කඳවුරුවලට පැමිණෙන පිරිස ක්‍රමයෙන් වැඩිව ඇතැයි ද එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දී ඇත.

අයි.එස් සංවිධානයෙන් ඉරාකයේ මොසුල් නුවර බටහිර කොටස මුදා ගැනීම සඳහා මේ වනවිට දරුණු සටන් පවතින අතර ඉරාක හමුදාවලට ඇමෙරිකාවේ සහාය හිමිවෙයි. මේ වනවිට මොසුල් නුවර බටහිර කොටසේ සිවිල් වැසියන් 700,000 කට ආසන්න පිරිසක් සිර වී සිටින බවත් ඔවුන්ට ආහාර, ජල සහ ඉන්ධන පහසුකම් සැපයීමේ අර්බුයක් ඇති වී බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය උපුටා දක්වමින් අල් ජසීරා පුවත් සේවා වාර්තා කර තිබිණි.

මේ අතර අභ්‍යන්තරව අවතැන් වූ 450,000කට ආසන්න පිරිසක් කඳවුරු වෙත පැමිණෙමින් සිටින බව ඉරාකයේ සිටින එක්සත් ජාතීන්ගේ සහකාර දූත පිරිසේ සම්බන්ධීකාරිකා ලීස් ග්‍රාන්ඩේ පැවැසුවාය.

අල් ජසීරා


RECOMMEND POSTS