මොසුල් විශ්වවිද්‍යාල භූමියේ බලය අත්පත් කරගනියි



 

අයි.එස්. සංවිධානයට සහාය දක්වන දයේස් සටන්කාමීන් ගේ ග්‍රහණයේ පැවති ඉරාකයේ මොසුල් නගරයේ පිහිටි විශ්වවිද්‍යාල භූමියේ බලය සම්පූර්ණයෙන්ම  අත්පත් කරගැනීමට ඉරාක හමුදා සමත්ව තිබේ.

දරුණු සටනකින් අනතුරුව විශ්වවිද්‍යාලය තමන් සතු කරගැනීමට ඉරාක හමුදාව සමත්ව ඇති බව සඳහන්ය.
පසුගිය මාසයේ මොසුල් නගරයේ බලය අත්පත් කරගැනීමට ඉරාක හමුදා සමත් වුණි.

කෙසේවෙතත් අයි. එස් සටන්කාමීන්ගෙන් මොසුල් විශ්වවිද්‍යාලය අත්පත් කරගැනීමට ඉරාක හමුදාවට නොහැකිව තිබූ බව සඳහන්ය.

විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාගාරය රසායනික අවි නිෂ්පාදනය සඳහා අයි. එස් සංවිධානය විසින් භාවිතා කර ඇති බව වාර්තා වෙයි.

( තිළිණි ද සිල්වා )
ගල්ෆ් නිව්ස් ඇසුරෙනි...

 


RECOMMEND POSTS