මොසැම්බික් නිදහස් දිනයට සුබ පතයි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍ය නායකයන් මොසැම්බික් නිදහස් දිනයට සුබ පතා ඇති බව වාර්තා වේ.

2020 ජුනි 25 දිනට යෙදී තිබු මොසැම්බික් නිදහස් දිනයනිමිත්තෙන් එමිරේට්ස් ජනාධිපති, ෂෙයික් කලීෆා බින් සයීඩ් අල්-නහියන් සුබ පැතුම් පණිවිඩයක් මොසැම්බික් ජනාධිපති, ෆිලිප් නියුසිට යැවීමට කටයුතු කර ඇත.

එමිරේට්ස් උප-ජනාධිපති, අගමැති සහ ඩුබායි පාලක, ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් සහ අබුඩාබි ඔටුන්න හිමි කුමරු සහ එමිරේට්ස් හමුදා ප්‍රධානී, ෂෙයික් මොහොමඩ් බින් සෙයිද් අල්-නහියන් සුබපැතුම් පණිවිඩ දෙකක් මොසැම්බික් ජනාධිපති, නියුසිට සහ අගමැති, කාලෝස් ඇගස්ටින්හෝ ඩෝ රොසරියෝට යවා ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, එමිරේට්ස්247)

RECOMMEND POSTS