මොල්ලි තල්මසුන්ට තර්ජනයක්



ඕමාන මුහුදු ප්‍රදේශයේ ජීවත්වන මොල්ලි තල්මසුන්ගේ ප්‍රමාණය 100 දක්වා අඩු වී ඇති බවත් ඉදිරි කාලයේදි වඳ වී යෑමේ තර්ජනයකට ලක් වී අවධානමක තල්මසුන් සිටින බව ඕමාන පරිසර සංවිධාන සංවිධාන පෙන්වා දෙයි.

මුහුදු සත්වයන් පිළිබඳ ස්භාවධර්මයා සහ ස්වභාවික සම්පත්සංරක්ෂණය සඳහා වන ජාත්‍යන්තර සංගමය අයත් වඳ වී යෑමේලැයිස්තුවටද මොල්ලි තල්මසුන් ඇතුලත්ව සිටින බව පස් මුහුදු පාරිසරික සේවා ආයතනයේ තල්මසුන් සහ ඩොල්පින් පපිළිබඳ පරියේෂණ කණ්ඩායමේ ක්ෂේත්‍ර කළමණාකරු, ඇන්ඩ්‍රෝ විල්සන් ප්‍රකාශ කළේය.

අරාබි මුහුදු කලාපයේ ජීවත්වන මොල්ලි වර්ගයේ තල්මසුන් වාර්ෂිකව නිවර්තන හා ධ්‍රැව ප්‍රදේශ අතර සංක්‍රමණය නොවන එකම මුහුදු සත්වයින් බව 2000 වර්ෂයේ සිදු කළ පරියේෂණයකින් හෙළි වී ඇති බව ඔහු ප්‍රකාශ කළේය.

2014 වර්ෂයේ අරාබි මුහුදු කලාපයේ ගන්නා ලද චන්ද්‍රිකා ඡායාරූපවල මොල්ලි වර්ගයේ තල්මසුන් 14 දෙනෙක් සටහන් වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS