මොරොක්කෝවත් ගුවන් ගමන් තහනම් කරයි



දකුණු අප්‍රිකානු රටවල පැතිරී යන කොරෝනා වෛරසයේ නව භයානක ප්‍රභේදය හේතුවෙන් ගුවන් ගමන් තහනම් කිරීමට මොරොක්කෝව කටයුතු කර ඇත.

බොට්ස්වානා, නැමීබියාව, ලෙසෝතෝ, එස්වාටිනි, මොසැම්බික් සහ සිම්බාබ්වේ සහ දකුණු අප්‍රිකාව ගුවන් ගමන් තහනම් කළ රටවල් ලැයිස්තුවට ඇතුළත් වන බව මොරොක්කෝ විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් කර ඇත.

කොවිඩ් -19 වසංගතය කළමනාකරණය කිරීමේදී මොරොක්කෝ ජනතාව වෛරසයෙන් ආරක්ෂා කරගැනීමට සහ පවතින සෞඛ්‍ය තත්වයට මුහුණ දීම සඳහා ගුවන් ගමන් තහනම් කිරීමට කටයුතු කළ බව නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රබාත් නුවර)

 


RECOMMEND POSTS