මොර්සිගේ මරණය ගැන සොව පළවෙයි



හොස්නි මුබාරක්ගේ හදිසි අභාවය සම්බන්ධයෙන් ඊජිප්තු රජයට දොස් අහන්න සිදුවී ඇති බව විදෙස් පුවත් සේවා පෙන්වා දෙයි.

ලෝක නායකයෝ බොහෝ දෙනකු මොර්සිගේ අභාවය සම්බන්ධයෙන් කනගාටුව පළ කර ඇති අතර, බොහෝ දෙනකු ඊජිප්තු රජයට මොර්සිගේ මරණය සම්බන්ධයෙන් චෝදනා එල්ල කර ඇත.

කටාර් එමීර් ෂෙයික් තමීම් බින් හමාද් අල් තානී ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා ඇත්තේ ආචාර්ය මොහොමද් මොර්සිගේ අභාවය සැලවීමෙත් තමන් කම්පනයට පත් වුණු බවය.

තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්, මොර්සිගේ අකල් මරණයට ඊජිප්තුවේ ‘කෲර පාලනය’ වගකිව යුතුයි කියාය. තුර්කි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ රූපවාහිනියෙන් ජනතාව ඇමතූ අවස්ථාවේදීය. එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙනුවෙන් එහි ප්‍රකාශක ස්ටෙපාන් ඩුජැරික් සිය කනගාටුව පළ කර ඇත. මොර්සිගේ අභාවය සම්බන්ධයෙන් පළමුවෙන් කනගාටුව පළ කළේ තුර්කි ජනාධිපතිවරයාය.

පාකිස්තානයේ ක්‍රියාත්මක ආගමික සහ දේශපාලනික කණ්ඩායක් වන ජමාත් ඊ ඉස්ලාම් සංවිධානය කනගායුව පළ කරමින් පවසා ඇත්තේ මුස්ලිම් ලෝකයේ සිටි අවසන් විරුවා ලොවෙන් සමුගත් බවය. පලස්තීනයේ ගාසා තීරයේ ක්‍රියාත්මක හමාස් සංවිධානය ද මොර්සිගේ අභාවය සම්බන්ධයෙන් කනගාටුව පළ කර ඇත.

සිරකරුවන්ගේ සුවදුක් විමසා බැලීමේ ස්වාධීන මණ්ඩලයක් මැදිහත් වී, පසුගිය වසරේ සිරදඬුවම් විඳිමින් සිටි මොහොමද් මොර්සි හමුවීමට ගියේය.

දිනකට පැය 23 ක්ම, මොර්සි බන්ධනාගාරයේ හුදෙකලා අඳුරු කුටියක සිරකර තැබෙන බවත්, පරිභෝජනයට නුදුසුදු තත්ත්වයේ ආහාර ඔහුට කෑමට දුන් බවත්, නිසි වෙලාවට මොර්සිට ඖෂධ ලබා නොදෙන බවත් වෛද්‍යවරයකු හමුවට යොමු නොකළ බවත් එහිදී අනාවරණය විය. මොර්සි හමුවීමට ගිය එම ස්වාධීන මණ්ඩලය, අවධාරණය කර තිබුණේ මෙවැනි තත්ත්වයන් යටතේ මොර්සි වැඩිකල් ජීවත් නොවනු ඇති බවය.

රොයිටර්ස්


RECOMMEND POSTS