මොනවා කීවත් පිළිගන්නේ නෑ



කවුරු මොනවා කීවත් ජමාල් කශොග්ජී ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් තමන් දිගටම සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුන්ගේ පැත්ත ගන්නා බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් යලි තහවුරු කර ඇත.

ජමාල් කශොග්ජී ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින්නේ, සෞදියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් කුමරුය. කුමරුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම කළ යුතු යැයි ඇමෙරිකන් සෙනෙට් මණ්ඩලය පවා ට්‍රම්ප්ට පවසා ඇත.

ට්‍රම්ප් පවසන්නේ සෞදිය සමඟ අමනාපවීමෙන් ඇමෙරිකාවට කිසිදු වාසියක් නොලැබෙන බවය. තමන් දිගටම සෞදියට සහ සල්මාන් කුමරුන්ට සහාය දක්වන බව ද ඇමෙරිකන් ජනාධිපතිවරයා පෙන්වාදී ඇත.

(අල් ජසීරා)


RECOMMEND POSTS