මොකද වුණේ දැනගන්න ඕනෑ



ඉන්දුනීසියාවේ සංචාරයක යෙදෙන එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේට්ස් ද පවසා ඇත්තේ සෞදි මාධ්‍යවේදී කශෝගිට සිදුවුණේ කුමක්දැයි වහා සොයා බැලිය යුතුයි කියාය.

තමන් ඒ සම්බන්ධයෙන් තුර්කි රජය සහ සෞදි රජය දැනුවත් කළ බවත්, සිදුවුණේ කුමක්දැයි සොයා බලා තමන්ට වහා වාර්තාවක් ලබා දෙන බවත් ජගත් මහ ලේකම්වරයා පවසා ඇත.

60 හැවිරිදි ජමාල් කශෝගි අල් ඇරැබ් පුවත් නාළිකාවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ අයෙකි. මාධ්‍යවේදියකු පමණක් නොව, කාශෝගි ලේඛකයෙකි. ඉන්පසු සෞදියේ අල් වටාන් පුවත් සේවයේ ජ්‍යෙෂ්ඨ මාධවේදියකු ලෙස කටයුතු කළේය.

කොන්සල් කාර්යාලයේ දී අතුරුදන් වන අවස්ථාව වෙද්දී ඇමෙරිකාවේ පුරවැසියකු වශයෙන්, ඇමෙරිකාවේ වොෂින්ටන් පෝස්ට් පුවත් සේවය සමඟ පමණක් නොව, බී.බී.සී. අල් ජසීරා වැනි ප්‍රසිද්ධ පුවත් ආයතවල මාධ්‍යවේදියකු වශයෙන් ද ජමාල් කශෝගි කටයුතු කරමින් සිටියේය.

(රොයිටර්ස්)


RECOMMEND POSTS