මේ රාමසාන් උපවාස සමයයි !



රාමසාන් උපවාස සමය  අද (27) සිට ආරම්භ කිරීමට සෞදි අරාබිය තීරණය කර ඇත.

ඒ ඊයේ (26)  පස්වරුවේ නව සඳ දර්ශණය වු බවට සෞදි අරාබි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීමත්  සමගයි.

රාමසාන් උපවාස සමය වෙනුවෙන් එක්සත් අරාබි එමීරයේ නව සඳ දර්ශනය වීම ඉකුත් බ්‍රහස්පතින්දා (25) සිදුවීමට නියමිත වූවත් එය දිස් නොවු බව එමීරයේ ප්‍රධාන මුස්ලිම් දේවස්ථානය සඳහන් කර සිටී.ඒ අනුව එමීරයේ නව ස දර්ශනය වීම අද ට කල් තැබීමට ඔවුන් තීරණය කළ අතර එය දිස් වීමෙන් අනතුරුව ඔවුන් රාමසාන් උපවාස සමය ආරමභ කරනු ඇත.

පුරා මාසයක් පැවැත්වෙන ඉස්ලාම් ආගමික වතාවත් වළට මුල් තැන දෙමින් රාමසාන් උපවාස සමය ගෙවන ලොව පුරා වෙසෙන මුස්ලිම් ජාතිකයින්  ජුනි 26 වැනිදාට යෙදෙන ඊද් උල් - ෆීතර්  දින සැමරුමෙන් සිය උපවාස කාලය නිමා කරනු ලබයි.

තිළිණි ද සිල්වා
(ගල්ෆ් නිවුස් ඇසුරිනි)


RECOMMEND POSTS