මෙලානියා ඊජිප්තුවේ



අප්‍රිකා රටවල් තුනක නිල සංචාරයක යෙදීමෙන් පසු ඇමෙරිකා ජනාධිපති ආර්යාව මෙලානියා ට්‍රම්ප් ඊජිප්තුවේ කයිරෝ අගනුවරට පැමිණියාය.

මෙලානියා මෙම නිල සංචාරයේ යෙදෙන්නේ තනිවමය. ජනාධිපති සැමියා ඩොනල්ඞ් ට්‍රම්ප් මෙම සංචාරයට එක් වන්නේ නැත. ඇයගේ ආරක්ෂාවට ආරක්ෂක නිලධාරීන් සහ උදව්වට කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවෝ වෙති.

කයිරෝ පැමිණි මෙලානියා ලෝකයේ ඉපැරැණි පුදුම හතට අයත් පිරමීඩ සහ මහා ස්පින්ක්ස් ස්මාරකය නැරැඹීමට ගියාය.

මෙහිදී මාධ්‍යවේදීන් ඇය වටකරගත් අවස්ථාවේදී ඇය සැමියා ට්‍රම්ප් ගැන අදහස් දැක්වීමක් ද කළාය. ට්‍රම්ප් ගන්නා තීන්දු තීරණ සම්බන්ධයෙන් සහ සිදුකරන ට්විටර් ප්‍රකාශ සම්බන්ධයෙන් තමන් සැමවිටම එකඟ නොවන බව මෙලිනියා කියා සිටියාය.

ඇය පිළිගැනීම සිදු කරනු ලැබුවේ ඊජිප්තු ජනාධිපති ආර්යාව එන්ටිසාර් විසිනි. ඊජිප්තු ජනාධිපති අල් සීසී සහ මෙලානියා අතර විශේෂ හමුවක් ද පැවැත්විණි.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS