මුහුදෙන් ගෙනා මත්ද්‍රව්‍ය අල්ලයි



මුහුදු මාර්ග ඔස්සේ ගෙන එන ලද මත්ද්‍රව්‍ය තොගයක් කුවේට් රාජ්‍යය තුලට රැගෙන යෑමට උත්සහ කිරිමේදි කුවේට් වෙරළාරක්ෂක නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට සමත්වී ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

විදේශීය ඊජිප්තු ජාතිකයන් තුන්දෙනෙකු සහ එක් කුවේට් ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සතුව තිබී කංසා කිලෝග්‍රෑම් 47ක්, හෙරෝයින් කිලෝග්‍රෑම් 01 සහ ඇම්පෙටමින්පෙති 9,000ක් හමු වී ඇත.

විදේශීය රටක ජීවත් වන ඊජිප්තු ජාතිකයෙකු ජාවාරම මෙහෙයවා ඇති බව පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

ඊජිප්තු ජාතිකයින් තුන්දෙදෙනා සහ කුවේට් ජාතිකයා නීතිමය කටයුතු සිදුකිරීම සඳහා කුවේට් රාජ්‍ය නඩු පැවරීමේ අධිකාරියට බාර දී ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS