මුස්ලිම් බහුතරයක් සහිත රටවල් පහක වැසියන්ට කුවේටය තහනම්



මුස්ලිම් බහුතරයක් සහිත රටවල් පහක වැසියන්ට කුවේටයට ඇතුළුවීම තහනම් කරමින් එරට රජය නියෝගයක් නිකුත් කර ඇතැයි වාර්තාවේ.

ඒ අනුව සිරියාව, ඉරාකය, පකිස්තානය, ඇෆ්ගනිස්ථානය හා ඉරානය යන රටවල් වැසියන්ට  කුවේටයට ඇතුළුවීම තහනම් කර  තිබේ. ‍අන්තවාදී ඉස්ලාමීය සංවිධාන තම රටට ඇතුළුවීම වැළැක්වීම මෙහි අරමුණ බව කුවේට් රාජ්‍යය සඳහන් කර සිටී.

ඒ අනුව එම රටවල් වලින් පැමිණෙන සංචාරකයින්ට කුවේටය මින් පසු වීසා නිකුත් නොකරනු ඇත.

ඇමරිකාවේ නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුස්ලිම් බහුතරයක් සහිත රටවල් 7ක වැසියන්ට ඇමරිකාවට ඇතුළුවීම වළක්වාලමින් නීති පැනවීමත් සමග කුවේටයත් එවැනිම  තීරණයක් ගෙන ඇති බව එම  විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර සිටී..

ඇමරිකාව වීසා තහනම පැනවූ රටවල් අතරට සිරියාව, ඉරාකය සහ ඉරානය හැරුණු කොට සුඩානය, ලිබියාව, සෝමාලියාව සහ යේමනය ද ඇතුළත් වන අතර පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානයට එරෙහිව එවැනි තහනමක් පනවා නොමැත.

 

( තිළිණි ද සිල්වා )

( ඉන්දියා සී නිව්ස් ඇසුරෙනි)


RECOMMEND POSTS