මුස්ලිම් නොවන අයට පුරවැසිකම



කුවේට් රජය මුස්ලිම් නොවන පුද්ගලයන්ට පුරවැසිකම ලබාදීමට නීතිමය පසුබිම සකස් කරමින් සිටින බව කුවේට් ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කළේය.

1959 පනවන ලද නීතියට අනුව,පුරවැසිභාවය ලබාදීමේ හැකියාව ඇත්තේ මුස්ලිම් පුද්ගලයන්ට පමණක්වේ. කුවේට් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති යෝජනාව සම්මත වුවහොත් විශාල බාධකයක් ඉවත් වීමුස්ලිම් නොවන පුද්ගලයන්ටදපහසුවෙන් කුවේට් පුරවැසිභාවය ලබාගැනීමේ හැකියාව හිමි වේ.

පුරවැසිභාවය ලබාදීමට ඉදිරිපත් කර ඇති යෝජනාව පහසුවෙන් සම්මත කර ගත හැකිබවට වෙබ් අඩවියේ සඳහන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS