මුස්ලිම් දේවස්ථානයට ගිය ජැක්ලීන්



බොලිවුඩ් සුපිරි තරුවක හා ශ්‍රී ලංකාවේ හිටපු රෑ රැජිනක්ද වන ජැකලීන් ෆර්ඩිනැන්ඩස් මේ දිනවල අබුඩාබියේ සංචාරයේ නිරත වේ.

රෙමෝ ඩී සූසා විසින් අඅධ්‍යක්ෂණය කරන රේස් -3 චිත්‍රපටයේ සටන් ජවනිකා කිහිපයක් රෑගත කිරීම සදහා ඇය මෙම සංචාරයේ නිරතවේ.ජැකලීන් සමග මෙහි රගන ප්‍රධාන නළුවා වන්නේ බොලිවුඩ් සුපිරි තාරකාවක වන සල්මාන් ඛාන්ය.

ජැක්ලීන් සිය අබුඩාබි සංචාරයේදී එහි පිහිටි පූජනීය මුස්ලිම් දේවස්ථානය වන ෂෙයික් සෙයීද් ප්‍රධාන මුස්ලිම් පල්ලිය වෙත යෑමට අමතක නොකළාය.

ඇය එම ශුද්ධ භූමිය තුලදී ඡාරෑපයක් රැගෙන එය ඇයගේ ඉන්ස්ට්‍රග්‍රෑම් සමාජ මාධ්‍ය ගිනුම⁣ට එක් කිරීමට අමතක නොකළාය.

( තිළිණි  ද සිල්වා )
කලීජ් ටයිම්ස් ඇසුරෙනි


RECOMMEND POSTS