මුල්‍ය තත්ත්වය මත වීසා



සංචාරක වීසා නිකුත් කිරීම අයදුම්කරුගේ මූල්‍ය තත්ත්වය මත රඳා පවතින බව කුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

මූල්‍ය තත්ත්වය මත මාසයක සිට මාස තුනක කාලයකට සංචාරක විසා නිකුත් කිරීමට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

නම් කරනු ලබන අනුග්‍රහක පුද්ගලයින්, එනම් දෙමාපියන් ඉහළ ආදායම් මට්ටමක් සහ සංචාරය අතරතුර සියළුම මුල්‍ය කටයුතුවලට සහයෝගය දැක්විය හැකි පුද්ගලයන් විය යුතු වේ. 

නව ක්‍රමවේදය ක්‍රියාත්මක කරන ලෙස අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ නේවාසික කටයුතු පිළිබඳ උප-ලේකම්, මේජර් ජනරාල් ටලාල් මාරෆි නියෝග කර ඇත. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS