මුල්ගල තැබීම 14 වැනිදා




කටාර් රාජ්‍යයේ සේවය කරනා ශ‍්‍රී ලාංකිකයින් ගේ දරු දැරියන් බහුතරයක් ඉගෙනුම ලබන ස්ටැෆර්ඞ් ශ‍්‍රී ලංකා පාසල වසර 17 ක් තිිස්සේ පවත්වාගෙන යනු ලබන්නේ මිඞ්මැක් ගුවන් පාලම අසල කුලියට ගත් ගොඩනැගිල්ලකය.

ප‍්‍රජා පාසැලක් වූ නිසාම 2005 වසරේ දී කටාර් රාජ්‍යයෙන් ස්ටැෆර්ඞ් ශ‍්‍රී ලංකා පාසැලට නව ගොඩනැගිල්ලක් තැනීම සඳහා අල් තුමාමා ප‍්‍රදේශයේ ඇමරිකානු විදුහලට යාබදව ඉඩම් කැබැල්ලක් පරිත්‍යාගයක් ලෙසින් ලැබුණ නමුත් මේ දක්වාම එම ගොඩනැගිල්ල ඉදිකිරීමට නොහැකිව තිබුණි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ කටාර් තානාපති ඒ. එස්. පී. ලියනගේ මහතාගේ මූලිකත්වයෙන් පාසල නීත්‍යානුකූල මාවතකට යොමු කිරීමේදී දුන් ප‍්‍රතිඥාවක් ඉටුකරමින් 2018 දෙසැම්බර් 14 වැනි දින උදෑසන 9.30 ට යෙදෙනා සුබ මොහොතින් පාසලට නව පාසල් ගොඩනැගිල්ල ඉදිකිරීමට මුල් ගල තැබීමට නියමිතය.

සිසු සිසුවියන් 1400 අධික ප‍්‍රමාණයක් ඉගෙනුම ලබනා ස්ටැෆර්ඞ් ශ‍්‍රී ලංකා පාසලේ සියලූම දෙමාපිය හිතවතුන්ට ද ආදී සිසු සිසුවියන්ට ද සුභ පතන්නන්ටද මේ සඳහා සහභාගී වන මෙන් පාසලේ භාරකාර මණ්ඩලයේ සභාපති රොෂාන් බාලසූරිය මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය මෙසේ ගෞරව පූර්වකව ආරධනා කර සිටී.

 


 


RECOMMEND POSTS