මුදල් ඇමතිට විශ්වාසභංගයක්



කුවේට් මුදල් අමාත්‍ය, නයෙෆ් අල්-හජ්රාෆ්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

විශ්‍රාමිකයන් ලබාගන්නා ණය සඳහා පොලිය ඉවත් නොකිරීම හේතුවෙන් මුදල් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමටමන්ත්‍රීවරුන් කටයුතු කර ඇත. 

මන්ත්‍රීවරුන් සැඟවුණු න්‍යායපත්‍රයකට අනුව කටයුතු කරන බව කුවේට් කථානායක,මර්ෂූක් අල්-ගානෙම් ප්‍රකාශ කළේ ය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කරන බවටත්, අමාත්‍යවරයා ඉල්ලා අස්වී ඇති බවට මන්ත්‍රීවරුන් අසත්‍ය ප්‍රචාර සිදුකර ඇති බව කථානායකයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

කුවේට් නීතියට අනුව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මන්ත්‍රීවරුන් 10දෙනෙකුගේ කැමැත්ත තිබිය යුතුය.  

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS