මීටර් 550ක් උස ගොඩනැගිල්ලක්



ඩුබායි නුවර මීටර් 550ක් උස ගොඩනැගිල්ලක් ඉදිකරන බව වාර්තා වේ.

ගොඩනැගිල්ලේ පළමු අදියරයේ ඉදිකිරීම් කටයුතු 2023 වර්ෂයේදි අවසන් කිරීමට අපේක්ෂා කරන අතර  ගොඩනැගිල්ල “බර්ජ් ජුමේරා’’ යනුවෙන් නම් කර ඇත. 

ඩුබායි හෝල්ඩිංමූල්‍ය සේවා සමාගම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු භාර ව ක්‍රියා කරයි.

මීටර් 550ක් උස ගොඩනැගිල්ලේ සමාරම්භක උත්සව අවස්ථාවට එමිරේට්ස් උප-ජනාධිපති, අග්‍රාමාත්‍ය සහ ඩුබායි පාලක, ෂයික් මොහොමඩ් බින් රෂිඩ් අල්-මක්ටුම් පැමිණ ඇති අතර ඉදිකිරීම් කටයුතු සිදුවන ආකාරය පිළිබඳව නිරීක්ෂණය කිරීම සඳහාද එක් වී ඇත.

සාමාන්‍ය ජීවන රටාව උසස් තත්ත්වයකට ගෙන ඒමටත්, ප්‍රදේශයේ තිරසාර සංවර්ධනයක් ඇති කිරීමේ අරමුණින් ගොඩනැගිල්ල ඉදිකිරීමට කටයුතු කරන බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්,ඩුබායි නුවර)


RECOMMEND POSTS