මිසයිල් දෙකක් විනාශ කරලා



ඉරානයේ සහය ලබන හවුදි ගරිල්ලන් එල්ල කරන ලද බැලැස්ටික් මිසයිල් දෙකක් සෞදි ගුවන් හමුදාව විනාශ කර ඇති බව වාර්තා වේ.

මිසයිල් ප්‍රහාරය සවස 04.45ට පමණ නිරීක්ෂණ කරගැනීමට සෞදි ගුවන් හමුදාවට හැකි වී ඇත.

සාමාන්‍ය ජනතාවට හානියක් නොවන ආකාරයෙන් ප්‍රති-බැලැස්ටික් මිසයිල්පද්ධතිය යොදාගනිමින් විනාශ කර දැමීමට

කටයුතු කළ බව සෞදි අරාබි සන්ධාන හමුදාවේ නිල මාධ්‍ය ප්‍රකාශක, කර්නල් ටර්කි අල්-මල්කි ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

ජී.ඩී.එන්. ඔන්ලයින්


RECOMMEND POSTS