මිසයිල හතක් විනාශ කරලා



යේමනයේ සිටින හවුදි ගරිල්ලන් සෞදි අරාබියේ රියාද් නගරයට මිසයිල් හතක් එල්ල කර ඇති අතර ප්‍රති- මිසයිල් ප්‍රහාර එල්ල කර මිසයිල් හතම විනාශ කර දැමීමට සෞදි ගුවන් හමුදාව සමත් වී ඇති බව සෞදි මාධ්‍ය වාර්තා කළේය.

මිසයිල් විනාශ වී කැබළි බිමට පතිත වන අවස්ථාවේදි එම කැබළි වැදීමෙන් ඊජිප්තු ජාතිකයෙක් ජීවිතක්ෂයට පත් වී තවත් දෙදෙනෙක් බරපතල තුවාල ලබා ඇති බව වාර්තා වේ.

මිසයිල් විනාශ වන ආකාරය දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහැර ඇති අතර මිසයිල් කැබලි අධිවේගි මාර්ගයන්වල විසිරී තිබෙන ආකාරය අදාල විඩියෝවේ සටහන් වී ඇත. 

යේමනයේ සිටින හවුදි ගරිල්ලන් නිරන්තරයෙන් රියාද් නුවරට මිසයිල් ප්‍රහාරයන් එල්ල කරන බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS