මිසයිල නාශක පද්ධතියක් දෙනවා



ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය දිගින් දිගටම සිරියානු හමුදා කඳවුරු ඉලක්ක කර ගනිමින් පහර දෙන්නේ නම්, සිරියානු හමුදාවට එස් 300 වර්ගයේ මිසයිල ආරක්ෂක පද්ධතියක් ලබා දීමට තමන්ට සිදුවන බව රුසියාව කියයි.

රුසියානු රජය වෙනුවෙන් මේ බව කියා සිටියේ එරට විදේශ අමත්‍යාංශ ප්‍රකාශිකා මරීයා සකරෝවාය. ඇමෙරිකාව, ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය සිර්යාවට පහරදීම රුසියාව තරයේ හෙලා දැක ඇත. රුසියාව පවසන්නේ පදනම් විරහිත චෝදනා එල්ල කරමින් ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් සිරියාවට පහර දෙන බවය.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS