මිසයිල ගනුදෙනු අවසන්



ඊශ්‍රායලය සමඟ ගනුදෙනු සීමා කිරීමට ඉන්දියාව සූදානම් වෙයි.

ඊශ්‍රායල යුද උපකරණ නිෂ්පාදන සමාගමකිවන් ප්‍රති මිසයිල නාශක 1,600 කින් සමන්විත පද්ධතියක් මිලදී ගැනීමට තමන් සූදානම් වුණු නමුත්, ඇමෙරිකන් ඩොලර් මිලියන 500 ක් වටිනා එම ගිවිසුම මේ වනවිට අහෝසි කර ඇතැයි ඉන්දීය රජය කියයි.

ඉන්දියාව මෙම තීරණය ගෙන ඇත්තේ ඊශ්‍රායලයේ ක්‍රියා කලාපය ගැන කළකිරීමෙන් යැයි ද පැවැසෙයි. ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඊශ්‍රායලයේ අගනුවර ලෙස ජෙරුසලම පිළිගැනීම මෙම අර්බුදයට මුල වෙයි.

ට්‍රම්ප්ගේ තීරණය ඉන්දියාවේ දැඩි විරෝධයට හේතුවක් වී ඇත. ට්‍රම්ප්ගේ තීරණය සම්බන්ධයෙන් මහත් සේ සතුටට පත් වී සිටින්නේ ඊශ්‍රායපය පමණි.

ඉන්දියාව ඊශ්‍රායලය සමඟ පමණක් නොව, පලස්තීනය සමඟ ද සමීප සබඳතා පවත්වයි. කෙසේ නමුත් පලස්තීනයට අසාධාරණයක් වන අයුරින් ගත් තීන්දු තීරණ සම්බන්ධයෙන් ඊශ්‍රායල සමඟ ගනුදෙනු කිරීම සීමා කරන බව ඉන්දීය රජය පවසා ඇත.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS