මිසයිල 185ක් එල්ල කරලා



සෞදි අරාබියේ ජාසන් පළාතේ සාමාන්‍ය ජනතාව ඉලක්ක කරගනිමින් ඉරානයේ සහය ලබන හවුදි ගරිල්ලන් බැලැස්ටික් මිසයිල් ප්‍රහාර එකසිය අසූපහක් (185) මේ දක්වා එල්ල කර ඇති බව සෞදි රාජකීය ගුවන් හමුදාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

සියලුම මිසයිල් ප්‍රහාරයන් ප්‍රති-බැලැස්ටික් මිසයිල් ප්‍රහාර එල්ල කර විනාශ කර දැමු බවත් කිසිවෙකුටත් අනතුරක් සිදු වී නොමැති බව සෞදි සන්ධාන හමුදාවේ මාධ්‍යය ප්‍රකාශක, කර්නල් ටුර්කි අල්-මලිකි  ප්‍රකාශ කළේය.

හවුදි ගරිල්ලන් හජ් වන්දනා සමයේදි මිසයිල් ප්‍රහාර පහක් (05) එල්ල කළ බව මාධ්‍යය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS